ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්රය මේ සතියේ දී නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එම ගැසට් පත්රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බව මැතිවරණ කොමිසම සභාපති නීතීඥ නිමල් පුංචිහේවා සදහන් කරයි.
සභාපති නීතීඥ නිමල් පුංචිහේවා තවදුරටත් සදහන් කළේ, එළඹෙන මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි.