මෙරට සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව ජුනි මස දින 09ක් පමණක් විවෘතව තැබෙන බව සමාගම් රෙජිස්ට්රාර් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
ඒ අනෙකුත් දිනයන්හි එම දෙපාර්තමේන්තුව වසා තැබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.මේ අතර එම දිනයන්හිදී සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු මාර්ගගත ක්රමයට සිදුකරන බවයි.
නිවේදනයට අනුව ජුනි මාසයේදී 15,16,17,20,21,22,27,28,29 දිනයන්හිදී පමණක් සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විවෘතව තැබෙයි.