අනතුරු ඇගවීමක්.. ෆේස්බුක්, වට්ස්ඇප් යන රාජ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු.!

2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සදහන් කළේ,උදෑසන සේවයට පැමිණ අත්සන් කිරීම, සවස සේවය අවසන් කර අත්සන් කිරීම සහ පඩි ලබා ගැනීම ප්‍රධාන රාජකාරි තුනයැයි ඇතැම් රාජ්‍ය සේවකයින් සිතා සිටින බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න තවදුරටත් සදහන් කළේ,

“විශේෂයෙන් තමුන්ගේ දුරකතනය වෙන්නට පුළුවන්… නමුත් උදේ ඉඳන් පටන් ගත්තාම හවස් වෙනකම් ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකතනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා.මොකද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකතන ඇමතුම් ගන්න එක, එහෙම නැතිනම් ෆේස්බුක් යන එක.

ඒ හින්දා මම දන්නවා පෞද්ගලික අංශයේ අද වෙනකොට, එනකොට ජංගම දුරකතනය ලොකර් එකේ දාලා එන්න ඕනේ. යනකොට තමයි ආපහු දෙන්නේ.ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව, අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මෙහෙට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළ යුතු වෙනවා.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close