මහා මාර්ගවල සිදුවන අනතුරු අවම කරගනිමින් රටට අහිමි වන මිනිස් ජීවිත සුරක්ෂා කිරීමේ අරමුණ මූලික කරගත් ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව හඳුන්වාදී ඇත.
එම ක්‍රමවේදය එළඹෙන මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පොලිසියටද අදාළ ක්‍රමවේදය නිල වශයෙන් යොමු කර ඇති බවත් ක්‍රමවේදය අනුව රථවාහන වැරදි 32 ක් හඳුනාගෙන ඇත.
වැරදි සඳහා ලකුණු තුනක අවමයක සිට ලකුණු දහය දක්වා උපරිමයකට රියැදුරුට ලකුණු එකතු වන අතර සියලු ලකුණු පොලිස් රථවාහන අංශයේ නිලධාරින් මගින් සලකුණු කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කර ඇති රියැදුරු අකුසලතා ලකුණු පද්ධතියට එකතු කරයි.
ඒ අනුව වැරදි කරන රියැදුරෙකු විසින් ලකුණු 24 ක් ලබාගත්විට ඔහුගේ රියැදුරු බලපත්‍රය වසරකට අවලංගු කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.
01.ලකුණු 3ක් එක්වන වැරැදි.
- *නියමිත් සංඥා ලබා නොදීම හෝ වැරැදි සංඥා ලබාදීම.
- *ජංගම දුරකතන භාවිතය.
- *අනතුරක් වළක්වා ගැනීමට අසමත් වීම.
- *ආසන පටි නොපැලඳීම.
- *අධික ශබ්දය.
02.ලකුණු 4ක් එක්වන වැරැදි
- *නියමිත වේග සීමාව කඩකිරීම.
- *නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම.
- *වැරැදි ලෙස ඉස්සර කිරීම.
- *ඉස්සර කිරීම සඳහා ඉඩ ලබා නොදීම.
- *මංසන්ධියකට අදාළ නීති කඩ කිරීම.
- *එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ නීති කඩ කිරීම.
- *මෝටර් වාහනයක් දිගු දුරක් පස්සට ගැනීම.
- *සුළු අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම.
- *පොලිස් නිලධාරියකුගේ උපදෙස්/හස්ත සංඥා අනුගමනය නොකිරීම.
03.ලකුණු 5ක් එක්වන වැරැදි
- *අධික වේගය (20% සිට 30% දක්වා)
04.ලකුණු 6ක් එක්වන වැරැදි.
- *වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම.
- *අධික වේගය (30% සිට 50% දක්වා)
- *මාර්ග යෝග්‍යතාව නොමැති වාහනයක් ධාවනය.
- *අපරික්ෂාකාරී ධාවනය.
- *නොසැලකිලිමත් ධාවනය.
05.ලකුණු 8ක් එක්වන වැරැදි.
- *අධික වේගය (150% වැඩි)
06.ලකුණු 10ක් එක්වන වැරැදි.
- *මාර්ග අනතුරකින් පසු වාහනය නතර නොකිරීම
- අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම.
- *තුවාල ලැබූවන් වහාම රෝහල හෝ වෛද්‍යවරයකු වෙත රැගෙන නොයෑම.
- *ළඟම ඇති පොලිසියට අනතුර වාර්තා නොකිරීම.