ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් පසු ඇති වූ මතභේදාත්මක සිද්ධි හේතුවෙන් පසුගිය දිනවල ඔහු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත.
පසුගිය 2021 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 200කට අධික වත්කමක් ලබා ගත් ඊලොන් මස්ක් වසර දෙකකට පසු අමෙරිකානු ඩොලර් බිලියන 200ක් අහිමි කර ගත් ලෝකයේ පළමු වැන්නා ලෙස ඉතිහාසයට එක් විය.
පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසය වන විට ඔහුගේ වැඩිම වත්කම වාර්තා වූ අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 340ක් විය.එහෙත් පසුගිය සති කිහිපයේදී ටෙස්ලා සමාගමේ කොටස් උච්චාවචනය හේතුවෙන් 11%ක මූල්‍යමය කඩා වැටීමක් පෙන්නුම් කළේය.
ඊලොන් මස්ක්ගේ වත්මන් වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 137ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඔහු දැරූ ස්ථානය ප්‍රංශ ධනවතෙකු වන බර්නාඩ් ආර්නෝල්ට්ට හිමිව ඇති බවද සදහන් කරයි.