රටේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඡන්දය කටුගා දැමීමට රටේම ජනතාව සූදානම් බව මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මාධ්‍ය හමුවක් (02) අමතමින් පවසයි.
වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි සදහන් කළේ,
“225 කියලා ඉන්නවානෙ කණ්ඩායමක්. ඔය පක්ෂ කියලා යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී. දැන් ඒවා කඩාගෙන ගිහිල්ලා එක එක මුහුණුවරින් ඉන්නවා. හැබැයි ඉන්නෙ එකම සතානෙ. ඔය එකම සතා තමයි. නමවත් කියන්න කැමති නෑ සමහර පක්ෂවල දැන්. ඉතින් ඒ හින්දා කරපු මැරකම්, ජඩකම්, තක්කඩිකම්, මිනීමැරීම්, බෝම්බ ගැසීම්, දළදා වහන්සේට බෝම්බ ගැසීම් වගේ කරපු විවිධ දේශපාලන කණ්ඩායම් මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නවානෙ. අපට ඔය 225 ම එපා.
මම නම් කැමතිම නෑ. අපේ රටේ ජනතාවත් කියන්නෙ ඕන්නෙම නෑ කියලා. මේ රටේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙන්න එපා. වංචාව, හොරකම, දූෂණය මොනවද නැත්තෙ තමුන්නාන්සෙලාට ? නැව් තියෙනවා, ප්ලේන් තියෙනවා, පිටරට ගෙවල් තියෙනවා, මිදිවතු ඇපල්වතු තියෙනවා, ඔය ඔක්කොම තියෙනවානෙ. දැන් ඔබතුමාලාට ජයවෙලා තියෙන්නෙ. අපේ රට දිළිඳු රටක් බවට පරිවර්තනය කරලා මේ උපදින්න ඉන්න දරුවා පවා ණයවෙලා තියෙන්නෙ.
ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි හම්බුවෙනවාද ? මුදල් හම්බුවෙන්නෙ නෑ. ඒ හින්දා අපි සමස්ත රටම ප්‍රාදේශීය සභා ඡන්ද තිබ්බොත් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් අපි කටුගාන්න සූදානම් ජනතාව. තවත් අවුරුදු 5කට දෙනවා කියන්නෙ මංකොල්ලකාරයොනෙ මේ ? සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වාම ලයිසන් ගත්ත මංකොල්ලකාරයො ඉන්නෙ”