2023 නව වසර ආරම්භයත් සමග උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බවත් පැය 24ක් ඇතුළත අත්හදා බැලූ සිව්වන බැලැස්ටික් මිසයිලය මෙය බවද වාර්තා වේ.
එරට වේලාවෙන් අද (01) අලුයම 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙටිදුර මිසයිලයක් වන එම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව වාර්තා වේ.