මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වෙයි.!

නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ අභාවප්‍රාප්ත වී ඇති අතර මාරවිල වලහාපිටිය පිහිටි ඔහුගේ නිවසේ දේහය තැම්පත් කර ඇත.

ඔහු ලන්ඩන් යුනිවර්සිටි කොලීජියෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමගින් නීති උපාධීය ගත් අතර යුද්ධ සමයේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

පෙම්බර්ලි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ සමාජිකයෙක් වන මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා වත්මන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති රෝහිණි මාරසිංහගේ ආදරණිය ස්වාමිපුරුෂයා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 05 වැනි බ්‍රහස්පතින්දා වහලහාපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close