මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට රටේ දේශපාලන අධිකාරීන් විසින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතන වලට බලපෑම් කිරීම හොඳ තත්ත්වයක් නොවන බවද සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
රට තුළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන විදුලි ගාස්තුව වැඩ කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බවද සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතා අසාධාරණ බවද සභාපති ජනක රත්නායක තවදුරටත් සඳහන් කරයි.