රටේ පළාත් පාලන ආයතන 340 කට අදාළ ඡන්ද විමසීමේ නාමයෝජනා එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව අද (04) දින තීරණය කළේය.
මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මෙලෙස එම නාමයෝජනා කැඳවයි.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 9,347 දෙනෙකු නාමයෝජනා භාරදීමට නියමිත අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය සම්පූර්ණ නොවීම හේතුවෙන් එහි නාමයෝජනා කැඳවීම සිදු නොවන බව දැනුම් දෙයි.
පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරනු ලබන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 1,500 ක ඇප මුදලක් හා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක ඇප මුදල් තැන්පත් කළ යුතුය.
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම හෙට (05) සිට ආරම්භ කරන අතර එළඹෙන ජනවාරි (23) වනදා මධ්‍යම රාත්‍රි 12.00 න් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වේ.