රට තුළ යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
ඒ මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (05) සදහන් කරයි.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ එම යෝජනාව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සහ ඉංජිනේරුවරියක් එකතුව සකස් කළ යෝජනාවක් බවද සභාපතිවරයා සදහන් කරයි.
වැරදි දත්ත මත පදනම්ව සකස් කළ එම යෝජනාවලියේ ගණන ක්‍රමවේදයේ, විදුලි ඉල්ලුම සහ සැපයුම ආදි කරුණුවල පරපස්පරතා ඇති බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.