අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය ගලා බැසීමට තිබෙන කාණු පද්ධතිය සහ ඇළ මාර්ග අවහිර වීම නිසා මහනුවර යටවු බව මහනුවර නගරාධිපති කේසර සේනානායක සදහන් කරයි.
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් නගරාධිපති මෙම අදහස් පළ කළේය.
“හැමවෙලේම මෙවැනි විපත්තියක් වුණාම මහනුවර නගරසභාවට තමා ඇඟිල්ල දික්වෙන්නේ. හැබැයි ඇතැම් අය විසින් නගරසභාවේ කිසිදු අවසරයක් නැතුව හදලා තියෙන ගොඩනැගිලි සහ කඩසාප්පු දාගෙන ඉන්න එකෙන් තමයි ජලය ගලා බසින්න තිබෙන ඇළවල් බෝක්කු තිබුණ ප්රමාණයට වඩා අඩුවෙලා තියෙන්නේ.
මේක තමා ප්රධාන හේතුව ජල ගැල්මට. ඒ නිසා මහනුවර නගරසබාව වශයෙන් අනාගතයේ දී මේ අනවසර ඒවා හඳුනාගෙන එවා ඉවත් කරලා ජලය බැස යන්නට තිබුණු කානු පද්ධතිය සහ ඇලවල් පුළුල් කිරීමට තමයි අපි අදහස් කරන්නේ. “