අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සදහන් කළේ,
“වර්ෂාපතනය නැවත ආරම්භ වීමත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබුණ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ඊයේ රාත්‍රී 9 සිට නැවත දීර්ඝ කරනු ලැබුවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, උඩුනුවර, ගඟ ඉහළ කෝරළේ, පහත හේවාහැට, ගඟවට කෝරළය, අකුරණ, හාරිස්පත්තුව, තුම්පනේ, පූජාපිටිය සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරණායක සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ පොල්ගහවෙල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, ලග්ගල පල්ලේගම සහ පල්ලේපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නිවේදනය නිකුත් කරනු ලබනවා.”