සුනඛයෙක් අපයෝජනයට ලක්කළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් ආශු මාරසිංහට චෝදනා එල්ල කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදනට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ආශු මාරසිංහ විසින් එන්නරවාසී යොමුකර ඇත.
පසුගිය 23 වන දින හිරැණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බවද සිය එන්තරවාසියෙන් ආශු මාරසිංහ පෙන්වා දී ඇත.
ආශු මාරසිංහ සිය නීතිඥවරුන් මගින් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරදනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස දන්වා එන්තරවාසි යොමු කර ඇත.