මෙරට 21 වන සංශෝධනය සම්මත වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් වුවද ගැටලුවක් නොමැති බව වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.
එවිට ද්විත්ව පුරවැසිභාවය කරුණ මත බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී සිටින බවත් වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.
මේ වනවිටත් පොහොට්ටුව දෙකඩ වී සිටින බැවින් 21 සම්මත කිරීම සදහා පොහොට්ටු මන්ත්‍රීවරුන් 30ක් පමණ අවශ්‍ය බවත් නානායක්කාර මහතා සදහන් කළේය.
බැසිල් රාජපක්ෂ යනු භයානක දක්ෂිණාංශික අයකු බව කී නානායක්කාර මහතා 21 සම්මත වීමට පෙර ගෝඨාභය ඉවත් වුවහොත් බැසිල් ජනාධිපතිවරයා වීමට ඉඩ ඇති බවත් සදහන් කළේය.