ඩුබායි රාජ්‍යයේ සිය පෞද්ගලික සංචාරක නිරත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන දිවයිනට පැමිණ ඇත.
අද උදෑසන ඩුබායිහි සිට ගෝඨාභය රාජපක්ෂ සහ බිරිඳ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට යාමට උත්සහ කළත් එය අපහසු වීම මත ආපසු ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ පුතා සහ ලේලිය ඩුබායි සිට අමෙරිකාවට ගොස් ඇති බවද වාර්තා වේ.