ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත ඊයේ (29) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත.
ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මියයන විට ඔහු 36 වැනි වියෙහි පසුවු අතර ඔහු සම්බන්ධයෙන් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස් සිය අදහස් දැක්විය.
“ෂෝ එක ඉවරවෙලා කිසිම අවුලක්වත් මොකක්වත් ෂෝ එකේදීවත් තිබුණේ නැහැ. එයා කිව්වෙත් නැහැ. එහෙම දෙයක් අපි දැක්කෙත් නැහැ. අපිත් එක්කම ගිහිල්ලා මගේ ළඟටම වෙලා තමයි එයා කෑම කැවේ. බත් කකා ඉන්නකොට එකපාරටම වැටුනා.”