මෙරට අද දිනයේ 21 වන සංශෝධනය සසම්බන්ධයෙන් පැහැදීලි කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින,
මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූ දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සහභාගී වී ඇති බව වාර්තා වෙයි.
ඔවුන්ගේ පැමිණීමත් සමග සුරේන් රාඝවන් මහතා ප්‍රශ්න කොට ඇත්තේ මෙම රැස්වීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද එසේත් නැතිනම් සියලුම මන්ත්‍රීවරුන්ට කැඳවූ රැස්වීමක්දැයි කියා.
පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙය ආණ්ඩු පක්ෂ රැස්වීමක් බවත්, 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මෙය කැදවා ඇති බවත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව වහාම මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාත් ලසන්ත අලගියවන්න මහතාත් සිය ආසනවලින් නැගිට රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන ඇත.
ප්‍රේම්නාත් සී දොළේවත්ත මන්ත්‍රීවරයා පැමිණ දයාසිරි සහ අලගියවන්න යන මහත්වරුන්ගේ දෑතින් අල්ලාගෙන දැනුම් දී ඇත්තේ මෙය 21 වන සංශෝධනය පිළිබද පැහැදිලි කෙරෙන්නක් නිසා ඕනෑම කෙනෙකුට ඊට සහභාගී විය හැකි බව.
නැවතත් දයාසිරි සහ අලගියවන්න යන මහත්වරුන් එම රැස්වීමේ අසුන්ගෙන ඇති බව වාර්තා වේ.