මෙරට රසායනික පොහොර තහනම ඇතුලු රට විනාශ වන ආකාරයේ තීන්දු තීරණ රැසකට උල්පන්දම් දුන් බවට දැඩි චෝදනා එල්ල වී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණිය සිය පවුලද සමග රටින් පිටවීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
අනුරුද්ධ පාදෙණිය ඔස්ට්‍රේලියාව බලා පටත්ව යාමට තීරණය කොට ඇති බව වාර්තා වේ.රසායනික පොහොර අර්බූදයට අමතරව වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ට එරෙහිව ප්රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය කණ්ඩායමේ මුල් සාමාජිකයකු ලෙසද අනුරුද්ධ පාදෙණිය සැලකේ.
ඊට එරෙහිව මේ වනවිටත් මානව හිමිකම් සංවිධාන රැසක් ඔස්ට්‍රේලියානු බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ චෝදනා රැසක් එල්ල වී ඇති අනුරුද්ධ පාදෙණිය හට එරටට ඇතුලු වීමට අවසර ලබා නොදෙන ලෙසයි.