මෙරට අද දින සිට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා වලට පමණක් බව ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කළේය.පෝලිම්වල රැඳී සිට අනවශ්‍ය තදබදයක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙරට අද දිනයේ සිට සෑම දිස්ත්‍රික්කයකම පිහිටි තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වලට පමණක් ඩීසල් නිකුත් කරන බව පවසන සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා එම පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දෙන්නේ ද අත්‍යවශ්‍ය සේවා වල නිරත වන්නන්ට පමණක් බවද සදහන් කළේය.
රටේ විවිධ ප්‍රදේශ වල පෝලිම්වල රැදී සිටින ජනතාවට ඩීසල් ලබාදීමට හැකියා ලැබෙන්නේ හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නෞකාව ගොඩබා ගැනීමෙන් පසුව බව ද සදහන් කළේය.
සියලුම ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ලබාදීම ඉතාමත් සීමා කර ඇති බව බවත් පෙට්‍රල් ලබාදීමේදීද ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට බවත් ඔහු සදහන් කළේය.