හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග යම් ආකාරයක දේශපාලන ගනුදෙනුවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බස් රථයක් කොටපපොල ජාතික පාසලට ලබා දෙන ලෙස ඔහු සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇති අතර එය නුදුරේදීම ලැබෙනු ඇති බවත් ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මැදිහත් වූ සජිත් ප්‍රේමදාසට ගෞරවය හා ස්තූතිය පළ කරන බවද හෙට්ටිගේ සදහන් කරයි.
ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කරන ලද අතර මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධුරය දරද්දී ද එම තනතුරේ ද කටයුතු කළේය.
මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු මෙන්ම එම පවුලේ අතිශය හිතවතෙකු වන හෙට්ටිගේ සදහන් කළේ දේශපාලනයට රාජ්‍ය පාලනයට අවශ්‍ය වන්නේ සජිත් ප්‍රේමදාස වැනි මානව දයාවෙන් පිරිපුන් මිනිසුන් බවයි.