රටේ ආර්ථික අර්බුදය යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙන බවත් මේ අවස්ථාවේ මැතිවරණයකට වඩා අවධානය යොමු කළ යුත්තේ ජනතාවට සහන සැලසීමට බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජයක මැතිවරණ නිසි කලට පැවැත් වීම පාලකයින්ගේ වගකීම වුවත් දෙවසරක පමණ කාලයක් තිස්සේ අන්ත දුක්විඳි රටේ ජනතාවට පළමුව හොඳින් ජීවත් වීමට අවශ්‍යය පසුබිම සැකසීම මේ මොහොතේ අවශ්‍ය බව පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසයි.
ඇතැම් රටේ දේශපාලනඥයන්ට මැතිවරණයක අවශ්‍යතාව තිබුණත් ජනතාව එවැනි අවශ්‍යතාවකින් පසු නොවන බව උදා වු 2023 නව වසර වෙනුවෙන් ආශිර්වාද කරමින් පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසයි.