පසුගිය අරගලයේ ක්‍රියාකාරී 32 හැවිරිදි රන්දිමාල් ගමගේ ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පර්යන්තයේදී ගුවන් තොටුපළ පොලිස් නිලධාරීන් විසින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර ඇත.
රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වේ.