අද (09) පෙරවරුවේ රෝහල් කනිෂ්ඨ සේවකයන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
මෙම රෝහල් කනිෂ්ඨ සේවකයන්ගේ හදිසි වර්ජනය හේතුවෙන් රට පුරා රෝහල්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.
රට තුළ ජීවන වියදම ඉහළ යෑමට සාපේක්‍ෂව වැටුප් ඉහළ දැමීම, පෙර ලබාගත් බැංකු ණයවල පෝලි ඉහළ දැමීමට විරෝධය දැක්වීමට වෘත්තීය සමිති මෙම පියවර ගෙන ඇත.
තවද නව කනිෂ්ඨ සේවකයන් බඳවාගැනීමට විරෝධය දැක්වීම ආදි කරුණු මුල්කරගෙන විරෝධතාව ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති තවදුරටත් සදහන් කරයි.