කටාර් විශ්වවිද්‍යාලය ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියනෝල් මෙසී ලෝක කුසලාන කාල සීමාව තුළ කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් බවට පත් කරන බව සඳහන් කර ඇත.
එම අදාළ විශේෂ කාමරය තවදුරටත් අමුත්තන් සඳහා විවෘත නොකෙරෙන අතර එය නරඹන්නන් සඳහා පමණක් විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පාපන්දු ලෝක කුසලානයේදී ලියනෝල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.