කැස්බෑ මස් කිලෝ 25 ක් විකිණීමට උත්සහ දැරූ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය කරෙයිනගර් ප්රදේශයේදී සවස අත්අඩංගුවට ගත් බවට කයිට්ස් පොලීසිය සදහන් කරයි.
අදාල සැකකරුවන් කැස්බෑවුන් මරා මස් කොට හෝටල් වෙතට ඉහල මිල ගණන් යටතේ විකිණීමට සැලසුම් කොට තිබියදී කයිටිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද කයිට්ස් පොලීසිය සදහන් කරයි.