ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.
එම අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගුවන් යානා දෙකේ සිටි අනෙක් මගීන් නව දෙනා තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇත.
එම මගීන් තිදෙනෙකු – කාන්තාවක් සහ කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු – බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය (ATSB) පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව සොයා බලන බවයි.
බ්‍රිස්බේන් නගරයට දකුණින් කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන වෙරළ ලෙස හැඳින්වෙන සංචාරක තීරුවක් ඔස්සේ දේශීය වේලාවෙන් (GMT 04:00) 14:00 ට පමණ එකිනෙක ගැටීම සිදුව ඇත.

