ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක විශ්‍රාම ගැන්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් අද (02) දින උදෑසන නියමිත දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න සදහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ අදාළ ගැටලුව අද දිනයේ විසඳීමට කටයුතු කරන බවත් පවතින සේවක හිඟය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවයි.
කෙසේ වෙතත් මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම අවශ්‍ය පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ගාමිණි සෙනවිරත්න සඳහන් කරයි.