ඇමති අමරවීර ජනතාවට කොස් හා දෙල් කඩාගෙන කන්න කියයි.

මෙරට රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව  නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා  මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙයි.

මෙරට වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ දිවයින පුරා තිබෙන බවත් එම ඉඩම් වල හට ගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට  නොගෙන ගස් යට වැටී කුණුවී යන බවත් වන සංරක්ෂණ  නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දෙයි.

මෙරට වනාන්තර වල වැවෙන කොස් සහ දෙල් රටේ ජනතාවට නෙළා ගැනීම සඳහා අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ද  අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ නිලධාරීන්ට සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close