මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු අදියර වන අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය හෙට (05) දින සිට අත්හිටුවයි.
දුම්රිය ධාවනය නවතා දැමීමත් සමඟ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දිනකට ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර හතර අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වන බව සදහන් කරයි.
පවතින දුම්රිය මාර්ගය ගලවා නවීකරණය කිරීම වෙනුවට ද්විත්ව මාර්ගයක් ඉදිකර කාලය අවම කර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කරයි.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 කට අධික මුදලක් වියදම් කරමින් මෙම දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.