ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (05) පැවති දෙවන විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්රහණයක් ලබාගත්තේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තේය.
ජයග්රහණය සදහා ලකුණු 207ක ඉලක්කයක් හබාගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 190ක් පමණි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 17ක විශිෂ්ට ජයග්රහණයක් ලබාගත්තේය.
මෙම විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.