විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට අද (05) දින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.
ඒ ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේදී පන්දු 20කදී සිය අර්ධ ශතකය ලබාගැනීමට නායක දසුන් ශානක සමත්විය.
පසුගිය 2007 දී මහේල ජයවර්ධන සහ 2009දී කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තා බිඳ දැමු අතර ඔවුන් දෙදෙනා අර්ධ ශතක සඳහා පන්දු 21ක් බැගින් වැයකර තිබුණේය.