රියදුරු බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් අලුත්ම තීරණය.!

වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය 2023 මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (30) සදහන් කරයි.

ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.

අවලංගු කිරිමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාල රියදුරාට බලපත්‍රය අයදුම්කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා ලෙසට අයදුම්පතක් යොමු කළ යුතු බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close