නව 2023 වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම (QR) කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කුසලානි ද සිල්වා සදහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් සතු රියදුරු බලපත්‍ර වර්ග හතරක් ඇති බවත් එම සියලුම රියදුරු බලපත්‍ර යාවත්කාලීන කරන විට නව (QR) කේතය සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව කුසලානි ද සිල්වා සදහන් කරයි.
තවද රටේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මෙම 2023 වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.