මෙම 2023 නව වර්ෂයේදී ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීම ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම සිදුකරන වැඩසටහන මීට පෙර සිදුකළ ආකාරයෙන්ම ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10ක කාලයක් සඳහා ප්‍රතිලාභ වශයෙන් ලබාදීමට නියමිත බව අමාත්‍යංශය සදහන් කරයි.
ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලෙස රුපියල් 45,000 ක් ලබාදීමටත් මාසිකව රුපියල් 4500 බැගින් මාස 10 ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදෙන බව අමාත්‍යංශය සදහන් කරයි.