ඛනිජ තෙල් සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758ක ණය මුදල පියවා ගැනීමට ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ නැංවීමට රජය තීරණය කරයි.
තෙල් සංස්ථාව විසින් අලෙවි කරන සියලු ඉන්ධන වර්ග සඳහා පැවති බදු මට්ටම සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක්කර ඇති අතර බදු ඉහළ නැගීමත් සමගම සියලුම ඉන්ධන වර්ග ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇති බව වාර්තා වේ.
සියලුම ඉන්ධන වර්ග ලීටරයක මිල ඉහළට දැමීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සදහන් කළේ, නව බදු අනුපාත සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරන බවයි.
