පසුගිය දෙසැම්බර් 31වැනි දා ගාලු මුවදොර පැවති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට ගායන ශිල්පිණී කේ සුජීවා යන අවස්ථාවකදී ඇති වූ රිය අනතුරක් සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.
ගායන ශිල්පිණී කේ සුජීවා පරිගණක අපරාධ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇතැයි පැමිණිලි කර ඇත.
ගායන ශිල්පිණී කේ සුජීවා මත්පැන් පානය කර සිටිම සම්බන්ධයෙන් සදහන් කළේ,
‘‘මම කවදාවත් මත්පැන් බීලා නැහැ, බොන්නෙත් නැහැ. මම බීලා හිටියා නම් පොලිසියෙන් චෙක් කරලා අත්අඩංගුවට ගන්නවනේ. මම දරුවො දෙන්නත් හදාගෙන තනියම ඉන්න එකේ තරහට තමයි මේ සියලු දේවල් කරන්නේ.එතැන වූ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝව කවුරුත් දාන්නෙ නැහැ.
මාව වීඩියෝ කරනකොට මම එතැන සිටි පොලිස් නිලධාරියාට කිව්වා මම ප්‍රසිද්ධ කෙනෙක්, මාව වීඩියෝ කරලා මෙයාලා මොනවා කරයිද දන්නෙ නැහැ කියලා. ඒ ටික නැතුව මම ප්‍රසිද්ධයි කියන එක විතරක් දානවා. පොලිසියෙන් මට ඒ වෙලාවෙ කිසිදු සහායක් ලැබුණේ නැහැ.’’