දළදා වහන්සේ මහනුවර නෑ.. මගේ ලගට වඩිනවා.. බෝසත් ජනක කියයි.!

මහනුවර දළදා වහන්සේ මනුවර දළදා මාලිගාවේ නොමැති බවත්, උන්වහන්සේ ළඟදීම තමන් ළගට වඩින බව ප්‍රකාශ කරමින් ජනතාව රවටා අසත්‍ය ප්‍රචාර පතුරවන ජානක සේනාධිපති නැමැති පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය පියවර ගනී.

මොහු පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර මෙම අසත්‍ය ප්‍රචාරවල නිරත වන බවත් ඔහුට දෙස් විදෙස් ආධාර ඒ සදහා ලැබෙන බවත් මෙලෙස ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තමන් කිසිම අවසරයක් ලබා නොදුන් බව ​පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කරයි.

බෝසත් ජානක නමැති මෙම පුද්ගලයා වසර හතරකට පමණ පෙර පොතුහැර උප්පලවණ්ණා මෙහෙණි ආරාමයට පැමිණ ඇත්තේ බෝධිපූජා පැවැත්වීමට පමණක් අවසර ලබා ගැනීමට බව පොන්නිලමේ උප්පලවණ්ණා මෙහෙනින් වහන්සේ පැවසුවාය.

අවසර ලබාදීමෙන් අනතුරුව බෙහෝ හිරිහැර පීඩාවන්ට තමන්ට ලක්වීමට සිදු වූ අතර එම ගැටලු විසඳා ගැනීමට නීතියේ සරණ පැතීමටද මෙහෙණින් වහන්සේලාට සිදු වූ බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවලට චෛත්‍යය තනා දීමට දායක වන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන එලෙස ඉදිකරන ලද චෛත්‍යය ප්‍රමිතියෙන් තොර නිසා එම චෛත්‍ය කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද එම විහාරස්ථානවල හිමිවරු සදහන් කරයි.

පිළිකා ඇතුළු නිධන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන බව කියන පොතුහැර බෝසත් ජානක නමැත්තාට එසේ කිරීමට තමන් අවසර ලබාදී නොමැති බව වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම සිදුවීම්වලට අදාළව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close