මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කළ රතු සීනි තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඉන්දියාවෙන් ආනයනය කරන ලද රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙරටට සුදු සීනි ලෙස ආනයනය කරන බවට රේගු වාර්තා ඉදිරිපත් කරමින් රතු සීනි ආනයනය කර ඇත.
ආනයනය කළ මෙම රතු සීති තොගය පෑලියගොඩ රේගු ගබඩාවේදී රේගු භාරයට ගෙන ඇත.