විදුලි ගාස්තු වැඩි කළ යුතුයි.. නොකලොත් IMF ණය නෑ.!

රට තුළ විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ජනතාවට සේවා සැපයීම සඳහා වැයවන පිරිවැය සහනාධාර නොදී අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමා ඇති බවත් මින් පසු සහනාධාර නොලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මාධ්‍ය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තවදුරටත් සදහන් කළේ,

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලේසි නැහැ. අපි ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනෙ. නැතිනම් ණය දෙන්නෙ නැහැ. ජාත්‍යන්තර සහාය ලැබෙන්නෙත් නැහැ. ඔවුන් කියනවා සේවා සැපයීම සදහා වැය වන ගාස්තු සදහා අය කිරීම් කරන්න කියලා. මින්පසු සහනාධාර නැහැ.විදුලි බිල වැඩි කරන්න ඕන. වැඩි නොකොලොත් ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නැහැ. අලුතෙන් ණය දෙන්නෙත් නැහැ.”

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close