මෙරට දරාගත නොහැකි ජීවන බරට එරෙහිව අද (11) පස්වරුවේ කොහුවල නගරයේදී ජනතාව එක්රැස්ව විරෝධතාවක නිරත විය.
විරෝධතාව ‘කුස්සියේ විලාපය’ ලෙස නම්කර කාන්තාවන් රාශියක් එක්ව සිටි අතර, ඔවුන් මුළුතැන් ගෙයි භාජනවලට තට්ටු කරමින් තම විරෝධය පළ කරනු දැකගත හැකි විය.
මේ රටේ ජනතාව ඉල්ලා නොසිටි අගමැතිවරයෙක් පත්කරගෙන, ජනතාවගෙන් ප්රතික්ෂේප වූ ආණ්ඩුවක් විසින් තමන් පීඩාවට පත්කිරීම එරෙහිව ‘කුස්සියේ විලාපය’ විරෝධතාව, ඇදහැලුනු වර්ෂාවද නොතකමින් පැය ගණනාවක් අඛණ්ඩව ක්රියාත්මක විය.