මෙරට රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය අද (13) ප්‍රකාශයට පත්කර ඇත.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී. කේ මායාදුන්න මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් සඳහන් කර ඇත.
හෙට (14) යෙදී ඇති පොසොන් පොහොය දිනය නිමිත්තෙන් මෙලෙස විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ බව පරිපාලන අමාත්‍යංශ ලේකම් සදහන් කළේය.
මෙරට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙය බාධාවක් නොවිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ චක්රලේඛයෙන් දැනුම් දී ඇත.