පවුල් ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියා පලාගොස් ඇතැයි තිනියාවල පොලිසිය සදහන් කරයි.
මෙසේ ගෙල කපා ඝාතනයට ලක්ව ඇත්තේ බනාගල ඕපාත ප්රදේශයේ පදිංචිව සිටී එච්.ඒ. සුජාතා නැමැති 30 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සදහන් කරයි.
බිරිඳ ඝාතනය කළ එම සැමියා ප්රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු සොයා තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.