අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කල දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් ඝාතනයේ විමර්ශනය වෙනත් පැත්තකට යොමු කරමින් නව මතයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බවයි.
ඝාතනයේ සැකය දැඩිව එල්ල වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයා සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් (24) සවස දිනේෂ් ෂාෆ්ටර් ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත.
එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බවද වාර්තා වේ.
එම ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර්ගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බවත් කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති බවද වාර්තා වේ.
එම කේබල් ටයි හමු වී ඇත්තේ ඝාතනයට ලක්වු දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදී බවද වාර්තා වේ.
මරණය ගැන අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බවද වාර්තා වේ.