කුඹුරට වතුර හැරවීමට ගිය කාන්තාව රාත්‍රියේ ඝාතනය කරයි.!

තම කුඹුරකට වතුර හැරවිමට ගිය කාන්තාවකගේ හිසට උදැල්ලෙන් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයෙ (03) දින රාත්‍රියේ තම කුඹුරට වතුර හැරවීමට ගිය ජමාල්දීන් රහුමත් උම්මා යන පනස් හැවිරිදි කාන්තාවට පුද්ගලයෙක් රාත්‍රී 7.00ට පමණ උදැල්ලෙන් පහරදී ඇති අතර ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත.

රාත්‍රියේ කුඹුරට ජලය හැරවිමට ගොස් එම කාන්තාව සහ පුද්ගලයා අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව කහටගස්දිගිලිය පොලීසිය සදහන් කරයි.

එම පහරදීම සිදුකර ඇත්තේ මියගිය කාන්තාවගේ  සොයුරාගේ දියණිය විවහ වී සිටින තිස් එක් හැවිරිදි පෙදරේරුවෙකු වන ස්වාමිපුරුෂයා බවද කහටගස්දිගිලිය පොලීසිය සදහන් කරයි.

එම සැකකරු සිද්ධියෙන් පසු (03) රාත්‍රියේම කහටගස්දිගිලිය පොලීසියට භාරවී ඇත. ඔහු අද (04) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close