අද ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි.!

අද (06) දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද ත්‍රිකුණාමලය, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.

එම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට ජනතාව අවශ්‍ය පියවර ගන්නා ලෙසට දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close