මෙරට විපක්ෂ සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත් කරයි.
පත්වීම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අද(02) පරිනැමුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී තනතුරට අමතරව නියෝජ්‍ය මහ ලේකම්, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක සහ සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.
මෙරට වත්මන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙයට පෙර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙෂ කටයුතු කළේය.