ශානි අබේසේකරගේ වාහනයට වෙඩි තියයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර වැඩතහනමට ලක් වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ මෝටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නිවසේ නතර කර තිබු මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ අතින් (17) දින මෙම සිද්ධිය සිදුව ඇති බවත් එම සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර නිවසේ සිට නොමැති අතර, කොස්තාපල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.

සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී එහි ඉන්දන කාන්දුවක් ඇති බවට හදුනාගෙන වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේදී වාහන ඉන්ධන වැංකිය අසල  වෙඩි සිදුරක් හමුවී ඇති අතර, අනතුරුව වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

අනතුරුව කල සොයා බැලීමේදී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අතින් මෙම වෙඩ් ප්‍රහාරය සිදුව ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අදාල කොස්තාපල්වරයාගෙන් ඇතුලු ආරක්ෂාවට යොදවා සිටින පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම වෙඩි ප්‍රහාරය අත්වැරදීමකින් සිදු වු බවට  අදාල පොලිස් කොස්තාපල්වරයා සිදුකළ ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close