රටේ පවතින අරඅර්බුදකාරි තත්වය යටතේ ජලභීතිකා රෝග එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පශු වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එල්.බී. කිත්සිරි මහතා සදහන් කර තිබේ.
මිනිසුන්ට ලබාදීමට නියමිත එන්නත් වල හිඟයක් පවතින නමුත් සතුන් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නතෙහි හිඟයක් නොමැති බව සදහන් කලේය .
දල වශයෙන් වසරකට ජලභීතිකා මරණ 20-30 අතර ප්‍රමාණයක් සිදුවන බවත්, රෝගය හේතුවෙන් මේ වන විට මරණ 12ක් සිදුවී ඇති බවද වෛද්‍ය එල්.බී. කිත්සිරි මහතා සදහන් කර සිටියේ ය.