20 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් පුරප්පාඩු එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රි අසුන සදහා රුවන් විජයවර්ධන පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ.
රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන අතර එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය මත ඔහු නම් කිරීමට නියමිත ව ඇත.
කෙසේ හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස ඔහු නම් කළහොත් නීතිය හා මහජන ආරක්ෂක ඇමැතිධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.